මුලතිව්, කරුම්පුලියන් ජල සම්පාදන ව්යාපෘතිය ජනතා අයිතියට
මුලතිව් දිස්ත්රික්කයේ මන්තායි නැගෙනහිර සහ තුනුක්කායි ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට සුරක්ෂිත පානීය ජලය සැපයීමේ අරමුණින් ක්රියාත්මක කරනු ලබන කරුම්පුලියන් ජල සම්පාදන හා සනීපාරක්ෂක වැඩිදියුණු කිරීමේ ව්යාපෘතිය හෙට(28) ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
රුපියල් මිලියන 1,800ක ආයෝජනයකින් ක්රියාත්මක මෙම ව්යාපෘතිය යටතේ කිලෝමීටර් 75ක දිගින් යුත් ජල බෙදාහැරීමේ නල පද්ධතියක් ඉදිකර ඇති අතර, දිනකට ඝන මීටර් 4,000ක ජල ධාරිතාවක් සැපයීමට සැලසුම් කර තිබේ.
මෙම ව්යාපෘතිය තුළින් ප්රතිලාභීන් 23,600කට සෙත සැලසීමට නියමිත අතර, ප්රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්යතා සපුරාලීමට ද එමඟින් හැකි වනු ඇත.
සුරක්ෂිත පානීය ජලය සඳහා ප්රවේශය පුළුල් කිරීම, ජනතාවගේ සෞඛ්ය හා සනීපාරක්ෂක තත්ත්වයන් වැඩිදියුණු කිරීම සහ ප්රදේශයේ තිරසර සංවර්ධනයට දායක වීම මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණු වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

