Latestදේශීය

කෝටි 07ක මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

මාතර දුම්රියපොළ පාරේ පිහිටි රූපලාවණ්‍ය ආයතනයකදී ඊයේ (27) රුපියල් කෝටි 07කට ආසන්න හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ‍ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව අදාළ රූපලාවණ්‍ය ආයතනය වටලා සිදු කළ පරීක්ෂාවකදීය.

එහිදී, සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 45ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයා ගෙන ඇත. ඔහුගේ 26 හැවිරිදි බිරිඳ සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06ක්ද සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 07ක් පමණ වන බව  පැවසේ.

මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් හයලක්ෂ විසිපන්දහසක (රු. 625,000) මුදලක්, ඉලෙක්ට්‍රොනික තරාදි 02ක් සහ ජංගම දුරකථන 04ක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ අද (28) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *