Latestදේශීය

කෝටි 04ක මත්ද්‍රව්‍ය සමග අයෙක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (10) අලුයම ගුවන්තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි.

සැකකරු විසින් අද අලුයම 12.30ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ චොකලට් ලෙස අසුරා සකස් කළ ඇසුරුම් 15ක් තුළ මෙම හෂීස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සොයා ගෙන ඇති අතර එය තුළ කිලෝ 04 ග්‍රෑම් 778ක හෂීස් තොගයක් සඟවා සැකකරු විසින් මෙරටට රැගෙන විත් ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් හාර කෝටි හැත්තෑ හත් ලක්ෂ අසූ දහසකට ආසන්න වන බවය.

සැකකරු අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගනිමින් ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *