22 පෙත්සම් විභාගය අද සිට
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව ගොනුකර ඇති පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අද (01) දින සිට සලකා බැලීමට නියමිතය.
මේ පංචපුද්ගල විනිසුරු මඬුල්ලේ සෙසු විනිසුරුවරුන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරු කටයුතු කරති.
යෝජිත පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර, විශ්‍රාමික හිමිකම් සුරැකීමේ සංවිධානය වෙනුවෙන් සරත් ලාල් පෙරේරා සහ නීතිඥ ජානක අධිකාරි යන මහත්වරුන් විසින් පෙත්සම් 03ක් ගොනුකර ඇත.
යෝජිත පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය චමල් සංජීව, ජාතික භික්ෂු පෙරමුණ, හිටපු අමාත්‍ය සරත් වීරසේකර, හිටපු අමාත්‍ය හර්ෂණ රාජකරුණා, කොළඹ නීතිඥ සංගමය, ජාතික ජන බලවේගයේ විධායක කමිටු සභික නීතිඥ ලාල් විජේනායක මහතා, ප්රජාතන්ත්රවාදය සඳහා වූ නීතිඥ සංවිධානය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් දොස්තර ජී. වීරසිංහ සහ ඩී. ආනන්ද පාලිත යන මහත්වරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විනිවිද පදනමේ භාණ්ඩාගාරික සුනිල් ජයසුන්දර, ආචාර්ය අජන්තා පෙරේරා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය, පළාත් සභා මන්ත්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක, මහාචාර්ය අර්ජුන පරාක්‍රම, තරුණ නීතිඥ සංගමය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය රන්ජන් අභයරත්න, විනිවිද පදනම, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහකාර ලේකම් ලකිත වාකිෂ්ඨආරච්චි සහ භාණ්ඩාගාරික පසිඳු සිල්වා යන මහත්වරුන් සමඟ ජාතික ජන බලවේගය, සර්ව ජන බලය, නිදහස් නීතිඥ සංවිධානයේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, මිලින්ද රාජපක්ෂ, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව යන මහත්වරුන් මේ වන විට පෙත්සම් ගොනු කොට ඇත.
සියලු පෙත්සම්වල වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ (31) දිනෙන් අවසන් වූ අතර, ඊට විරුද්ධව හා පක්ෂව පෙත්සම් 30කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබිණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

