විජිත එමීර් රාජ්‍යයට
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද සහ හෙට (2,3) යන දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් අමාත්‍යවරයා එරට ප්‍රධාන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමුවීමට නියමිත බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමිරේටීකරණ අමාත්‍ය ආචාර්ය අබ්දුල්රහ්මාන් අබ්දුල්මන්නාන් අල් අවාර් මහතා සහ ආර්ථික හා සංචාරක අමාත්‍ය අබ්දුල්ලා බින් තවුක් අල් මාරී මහතා සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා පැවැත්වේ.
තවද සැප්තැම්බර් 2 වැනි දින, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ අමාත්‍ය ආචාර්ය තානි බින් අහමද් අල් සෙයූඩි මහතා සමඟ එක්ව ඩුබායිහි පැවැත්වෙන “Sri Lanka Beyond Your Dreams” වැඩසටහනේ දෙවැනි අදියරේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී වීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

