Latestදේශීය

CIDයට – TIDයට නව අධ්‍යක්ෂවරු

ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කරමින්, එහි අධ්‍යක්ෂ ධුරයට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතා පත් කර ඇත.

විශේෂ රාජකාරි පදනම මත මෙම පත්කිරීම් ඊයේ (01) දින සිදු කර ඇත්තේ ජාතික පොලිස් කොමිසමෙන් ඊට අනුමැතිය ලැබෙන තෙක් ය.

ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය පුරප්පාඩු විය.

එම පුරප්පාඩුවට පත් කරනු ලැබූ රොෂාන් අමරසිංහ මහතා මේ දිනවල චීනයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගි වීමට ගොස් සිටින අතර, ඉදිරි සතියේ ඔහු මෙරටට පැමිණි පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ භාර ගනු ඇත. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටි ඒ.එස්.කේ. බණ්ඩාර මහතා පත් කර තිබේ. ඔහු මූල්‍ය අපරාධ කොට්ඨාසය ඇතුළු අංශ රැසක කටයුතු කර ඇති දක්ෂ නිලධාරියකු ලෙස පොලිස් නිලධාරීන් අතර ප්‍රසිද්ධය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *