Latestදේශීය

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු අභිරහස් ලෙස මියයයි

හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු වූ එරාජ් ප්‍රනාන්දු අභිරහස් ලෙස මියගොස් ඇත. අද (02) කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක තිබී ඔහුගේ දේහය සොයාගෙන ඇත. මියයන විට 57 වැනි වියේ පසු වූ ඔහු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය සැක කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA) නියෝජනය කරමින් 2014 වසරේදී ඔහු ප්‍රථම වරට හම්බන්තොට මහ නගරාධිපති ලෙස තේරී පත් විය.

2018 පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) සහයෝගය ඇතිව ඔහු නැවතත් එම ධුරයට පත්විය.

2022 පෙබරවාරි 10 වන දින ඔහු පෞද්ගලික හේතු මත නගරාධිපති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

2014 අප්‍රේල් මස මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ හම්බන්තොට වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ එජාප (UNP) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබීය. ඔහු පසුව ප්‍රකාශ කළේ එය සෙල්ලම් පිස්තෝලයක් බවයි.

මෙම සිදුවීමට අදාළ නඩුවේදී වරදකරු වූ ඔහුට 2019 අගෝස්තු මාසයේදී හම්බන්තොට මහාධිකරණය මඟින් වසර 5ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වූ අතර, පසුව 2019 ඔක්තෝබර් මාසයේදී ඇප මත මුදා හැරිණි.

එරාන් ප්‍රනාන්දු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *