Latestදේශීය

දේශබන්දු ඇතුළු 08කට අධිචෝදනා

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මාතර මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇත.

2023 දෙසැම්බර් 30 වැනිදා රාත්‍රි කාලයේ විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයකින් වැලිගම දක්වා ගොස් මෙම වෙඩි තැබීම කර තිබුණි. වැලිගම හෝටලයට වෙඩි තබා පලායමින් සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගමන් ගත් ව්‍යාජ අංක සවිකළ වෑන් රථයට නතර කරන ලෙස වැලිගම පොලීසියේ කැබ් රථයේ සිටි නිලධාරීන් අණ කළද එම වෑන් රථය නොනවත්වා ධාවනය කර තිබුණි.

එහිදී වැලිගම පොලීසියේ නිලධාරීන් සමඟ කැබ් රථයේ රාජකාරියේ සිටි හමුදා නිලධාරියකු සැකකටයුතු වෑන් රථයට වෙඩි තබා ඇත. එහිදී වෑන් රථයේ සිටි පොලිස් නිලධාරියකු වෙඩි වැදී මියගොස් තිබුණි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම ස්ථානයට යොමු කිරීම නීත්‍යනුකූල නොවන බවට පවසමින් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවටද ගත් අතර පොලිස්පති ධුරය පවා ඔහුට අහිමි වීමට එය බලපෑවේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *