මහනුවර දිස්ත්‍රික්කයේ සුවතා මධ්‍යස්ථාන 50ක් ඉදිකිරීමට සැලසුම්
සුවතා මධ්‍යස්ථාන දීප ව්‍යාප්තව ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති වැඩපිළිවෙළ යටතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ මධ්‍යස්ථාන 50ක් ඉදිරි වසර දෙක තුළ ස්ථාපිත කිරීමට නියමිත බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතා පවසයි.
සෑම පවුලක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ, එක් සුවතා මධ්‍යස්ථානයක් මඟින් පවුල් 5,000ත් 10,000ත් අතර ප්‍රමාණයක් ආවරණය කිරීමට නියමිතය. මෙවැනි මධ්‍යස්ථාන හරහා රෝග පරීක්ෂා කිරීම් සිදු කිරීමත් සමඟ ජනතාවට ඩිජිටල් දත්ත සහිත හැඳුනුම්පතක් නිකුත් කෙරෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ප්‍රකාශ කළේය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ එම කමිටු සම සභාපති, මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. එහිදී මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අරුණ වික්‍රම මහතා විසින් පොල්ගොල්ල වත්ත ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද දිස්ත්‍රික්කයේ පළමු සුවතා මධ්‍යස්ථානය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී.
පොල්ගොල්ල වත්ත සහ කිරින්ද යන මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය සෙසු යටිතල පහසුකම් ද සංවර්ධනය කරන බවත්, මෙවැනි මධ්‍යස්ථාන කිහිපයක් ප්‍රාදේශීය රෝහල් සමඟ සම්බන්ධ කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
රෝග වැලඳී රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට වඩා රෝග ඇති වීම වළක්වා ගැනීම ඉතා වැදගත් වන බව පෙන්වා දුන් වෛද්‍ය හංසක විජයමුනි මහතා, ඒ වෙනුවෙන් මෙවැනි සුවතා මධ්‍යස්ථාන දීප ව්‍යාප්තව ස්ථාපිත කිරීමට රජය පුළුල් සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව ද වැඩිදුරටත් කියා සිටියේය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

