Latestදේශීය

ප්‍රේමලාල් ජයසේකරට රට යන්න බැහැ

මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා නිදහස් කෙරුණු හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (04) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීය.

මෙම විදෙස් ගමන් තහනම ආගමන හා විගමන පාලක වෙත දැනුම් දෙන ලෙසත් ඊට අමතරව ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඔක්තෝම්බර් මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටි ලෙසත් දන්වා අධිකරණ නියෝගයෙන් නොතිසි නිකුත් කර කර ඇත.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ දේශපාලන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම තුළින් පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ප්‍රේමලාල් ජයසේකරට රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.

එම මරණීය දණ්ඩනයට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ අභියාචනාධිකරණය ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමටයි නියෝග කර තිබිණි.

අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් එය බල රහිත කර දඩුවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා එම සිද්ධියෙන් අගතියට පත්වූවන් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *