උසස් අධ්‍යාපනයට පොලී රහිත ණය
2023,2024 හා 2025 වර්ෂයන්හිදී අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා ඇතුලත් වීමට නොහැකි වූවන් සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධිය හැදෑරීමට අවශ්‍ය ණය පහසුකම් ලබා දීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා (04) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
රජයේ විශ්ව විද්‍යාලයක් සඳහා මෙම වර්ෂයේ 47000ක් ප්‍රමාණයක් සුදුසුකම් ලබා ඇති අතර රජයේ විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් නොලැබෙන දරුවන් ඉලක්ක කර ගනිමින් මෙම ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.
විශ්ව විද්‍යාල ප්රතිප්රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන ලද පුද්ගලික විශ්ව විද්‍යාල 17ක් සඳහා උපරිමය ලක්ෂ පහළොවක්(15) දක්වා මෙම ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ සිසුන්ට හිමි වේ.
2023, 2024 සහ 2025 වර්ෂවල අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට අවම වශයෙන් විෂයන් 03ක් සමත් ව පොදු පරීක්ෂණ විෂයට ලකුණු 30ක් තිබීම මූලික සුදුසුකම් වන අතර වසර හතරක(04) කාලයක් තුළ උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව හිමිවේ.
රැකියාගත වීමෙන් පසුව සම වාරික අසූ හතරකින්(84) පොළි මුදලක් රහිතව උපාධිය ආරම්භ කල දින සිට වසර දොළහක කාලයක් තුළ මෙම ණය මුදල ආපසු ගෙවීමේ හැකියාව පවතී.
අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියට පිවිසීම මගින් ONLINE ක්‍රමය ඔස්සේ ලියාපදිංචි වීමට හැකියාව පවතී.
මෙම වැඩසටහන අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව දිස්ත්‍රික් නිපුණතා නිලධාරි ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිපුණතා සංවර්ධන නිලධාරීන් එක්ව සංවිධානය කර තිබුණි.
බදුල්ල දිස්ත්‍රික් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අධ්යක්ෂ කුසුමා වනසිංහ මහත්මියගේ හා අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් අධ්‍යාපන ශිෂ්‍ය ණය අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ මධුමාලි චතුරංගි මහත්මියගේ සහභාගීත්වයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්විණි.
අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය නිලධාරින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිපුණතා සංවර්ධන නිලධාරීන්, ICBT, SLIIT, SLTC, SIBA, SAEGIS, ESOFT, KIU, HORIZON උසස් අධ්‍යාපන ආයතනවල නියෝජිතයින්, දෙමාපියන්, දරු දැරියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

