ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා දිවයිනට පැමිණෙයි
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද දිවයිනට පැමිණියා. රාජ්නාත් සිං මහතා මෙරටට පැමිණ ඇත්තේ දින තුනක නිල සංචාරයක් සඳහා වන අතර, ඔහු සැප්තැම්බර් 10 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.
සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වනවා.
දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, කලාපීය ආරක්ෂාව සහ නාවික ආරක්ෂාව ඇතුළු කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කිරීමට නියමිතයි.
මේ අතර, රාජ්නාත් සිං මහතාගේ සංචාරය හේතුවෙන් ඔහු ගමන් ගන්නා අවස්ථාවලදී කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක තාවකාලික රථවාහන සීමා කිරීම් සිදුකිරීමට පොලීසිය විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.
වසර ගණනාවකට පසුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක් සිදුකිරීම විශේෂත්වයක්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

