Latestවිදේශීය

අමෙ­රි­කානු නෞකා දෙක­කට ඉරා­න­යෙන් මිස­යිල ප්‍රහාර

දිගින් දිග­ටම ඉරාන නාවික මාර්ග අව­හිර කිරීම හේතු­වෙන් අමෙ­රි­කානු යුද නැව­කට සහ ගුව­න්යානා ප්‍රවා­හන නෞකා­ව­කට බැලැ­ස්ටික් මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කළ බව ඉරාන විප්ල­වීය හමු­දාවේ ගුවන් බළ­කාය ප්‍රකාශ කර තිබේ. එරට ටස්නීම් පුවත් ඒජ­න්සිය වාර්තා කර ඇත්තේ අමෙ­රි­කානු හමු­දාවේ උප­දෙස් මත හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරී­මට උත්සාහ කළ තෙල් නැව් 8කටත් ඉරාන හමු­දා­වෙන් පහර දුන් බවය.

වසර ගණ­නා­වක් පුරා අරාබි මුහුදේ අණ­සක පතු­රු­වා­ලී­මට උත්සාහ කර­මින් සිටින අමෙ­රි­කා­වට සිය යුද නැව් දෙකක් ප්‍රහා­ර­යට ලක්වූ බව පිළි­ගැ­නී­මට සිදු­වනු ඇතැයි ද ඉරාන ආර­ක්ෂක හමු­දාව ප්‍රකාශ කළ බව ටස්නීම් පුවත් ඒජ­න්සිය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. අමෙ­රි­කාවේ මධ්‍යම හමුදා අණ­දෙන මධ්‍ය­ස්ථා­නය ද එම ප්‍රහා­රය තහ­වුරු කර ඇති බවත්, ඉරාන නාවික අව­හි­ර­තාව තව­දු­ර­ටත් පව­තින්නේ නම් සිය ප්‍රහා­ර­ව­ලට මුහුණ දීමට අමෙ­රි­කානු නෞකා­ව­ලට සිදු­වනු ඇති බවත් ඉරාන විප්ල­වීය ආර­ක්ෂක හමු­දාව අන­තුරු අඟවා තිබේ.

අමෙ­රි­කානු හමු­දාවේ උප­දෙ­ස්ව­ලට අව­නත වී තහ­නම් කරන ලද නාවික මාර්ග­ව­ලින් යාත්‍රා කිරී­මට උත්සාහ නොගන්නා ලෙස ඉරාන හමු­දාව පර්සි­යානු බොක්ක සහ හෝමූස් මුහුදු තීරය ආස­න්නයේ රැඳී සිටින සියලු නෞකා­ව­ලට දැනුම් දී ඇතැයි ද ටස්නීම් පුවත් සේවය සඳ­හන් කළේය. අමෙ­රි­කා­වට අයත් මිනි­සුන් රහිත සබ්මැ­රී­න­යක් අත්අ­ඩං­ගු­වට ගත් බව ද ඊට පෙර දින ඉරාන හමු­දාව ප්‍රකාශ කර ඇති අතර, එම සබ්මැ­රී­නය අති­න­වීන තාක්ෂ­ණය භාවිත කර­මින් ගැඹුරු මුහුදේ මෙහෙ­යුම් සිදු කරන Dive-LD වර්ග­යට අයත් බව ද සඳ­හන් කර තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *