ශිරාන් බාසික්ගේ ගෝලයෙකුගෙ රු.කෝටි 10ක දේපළ තහනම් කරයි
රැදවුම් භාරයේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් ශිරාන් බාසික්ගේ සමීපතමයෙකු වන රණතුංග ආරච්චිගේ නලින් අර්ජුන නමැත්තා නීති විරෝධී ලෙස උපයාගත් මුදලින් මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ රුපියල් කෝටි 10ක් වටිනා දේපළ හා වත්කම් ඊයේ (10) සිට දින 14ක කාලයක් අත්හිටුවීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කටයුතු කර තිබේ.
කඩවත ප්‍රදේශයේ පිහිටි පර්චස් 19.90ක ඉඩම සහ එහි ඉදිකර ඇති දෙමහල් නිවස මෙන්ම, කැලණිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 18ක ඉඩම සහ එහි ඉදිකර ඇති දෙමහල් නිවස මෙලෙස අත්හිටුවා ඇත.
මෙම දේපළ සම්බන්ධයෙන් මහාධිකරණය වෙත කරුණු වාර්තා කර, තහනම් කිරීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

