වැල්ලවාය තිත්තමලුව ලැව්ගින්න කඩිනමින් නිවාදමයි
වැල්ලවාය, කොටිකම්බොක්ක නිත්තමලුව කන්ද ආශ්රිත රක්ෂිත ප්රදේශයක ඉකුත් 11වැනිදා හටගත් ලැව් ගින්නක් මැඩපැවැත්වීම සඳහා වන සංරක්ෂණ නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ශ්රී ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස් කඩිනමින් මැදිහත් වී ඇත.
44 දෙනෙකුගෙන් සමන්විත යුද්ධ හමුදා කණ්ඩායමක් එම ස්ථානය වෙත කඩිනමින් යොමු කිරීමට පියවර ගෙන තිබු අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව ගින්න තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ගිනි නිවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
ඒ අනුව, යුද්ධ හමුදා භට පිරිස් සහ වන සංරක්ෂණ නිලධාරීන්ගේ ඒකාබද්ධ මැදිහත්වීමෙන් ලැව් ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට හැකිව ඇත.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

