චීන – ඉන්දීය සබඳතා තවත් ශක්තිමත් වෙයි
චීන ජනාධිපති ෂී ජින්පිං, ඊයේ (12) පස්වරුවේ ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි හමු විය.
ඒ ෂී ජින්පිං, නව දිල්ලි නුවර පැවැත්වෙන බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවට එක්වන අතරතුරය. නායකයින් දෙපළ මෙහිදී විවෘත සහ අවංක ලෙස අදහස් හුවමාරු කරගත් අතර, චීනය සහ ඉන්දියාව හවුල්කරුවන් වීම පිළිබඳ වැදගත් එකඟතාවයකට ද පැමිණ ඇත.
චීනය සැමවිටම ඉන්දියාව සමග සබඳතාව උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා එය ප්‍රවර්ධනය කිරීමට සහාය ලබා දී ඇතැයි ෂී ජින්පිං මහතා එම හමුවේදී පැවසීය. චීන-ඉන්දීය සබඳතාවේ ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා, ඔහු යෝජනා හතරක් ඉදිරිපත් කළේය.
පළමුව, දෙපාර්ශ්වය වාස්තවික හා තාර්කික උපායමාර්ගික අවබෝධයකින් යුතුව දෙරට සම්බන්ධතාවයේ වර්ධන දිශාව නිසි ලෙස හැසිරවිය යුතුය. දෙවනුව, දෙරට පොදු ජයග්‍රාහී සහයෝගිතාවයේ සංකල්පය මත පදනම් ව එකිනෙකාගේ සාර්ථකත්වයට සහයෝගය දැක්විය යුතුය. තෙවනුව, අනවශ්‍ය මැදිහත්වීම් ඉවත් කිරීම සඳහා දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධය පිළිබඳ දේශපාලන ප්‍රඥාව භාවිත කළ යුතුය. සිව්වන යෝජනාව වනුයේ, චීනය සහ ඉන්දියාව විවෘත සහ අන්තර්කරණ බහුපාර්ශ්වික සහයෝගීතාවය තුළින් ලෝකයට ප්‍රතිලාභ ලබා දිය යුතු ය යන්නයි.
ඉන්දියාව සැමවිටම ඉන්දියානු – චීන සබඳතාව දෙස උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා ඇතැයි නරෙන්ද්‍ර මෝදි එහිදී කියාසිටියේ ය. ඉන්දියාව ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර චීනය සමග සබඳතා වර්ධනයේදී කිසිදු තෙවන පාර්ශ්වයක බලපෑමකට යටත් නොවනු ඇත. චීනයේ තායිවාන ප්‍රදේශය සහ Xizang ස්වායත්තය පිළිබඳ ඉන්දියාවේ ප්‍රතිපත්ති සහ ස්ථාවරයන් නොවෙනස්ව පවතින අතර, කිසිදු බලවේගයකට ඉන්දියාව තුළ චීන විරෝධී ක්‍රියාකාරකම්වල යෙදීමට ඉඩ නොදෙනු ඇතැයි ඉන්දීය අගමැතිවරයා අවධාරණය කළේය. කැළඹිලි සහිත ලෝකයක ස්ථාවරත්වය සහ ප්‍රගතිය සඳහා සාමකාමී බලවේගයක් ලෙස ක්‍රියා කිරීම සඳහා චීනය සමග සමීප සම්බන්ධීකරණයෙන් සහ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

