දෙහිවල බෝම්බ ප්රහාරයේ සැකකරුවන් 02ක් අත්අඩංගුවට
දෙහිවල සිරිසඟබෝ මාවත ප්රදේශයේ පිහිටි නිවසකට පසුගිය 11වැනිදා අත්බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමේ සිදුවීමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු දෙහිවල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
අලුයම් කාලයේ දී නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද මෙම අත්බෝම්බ ප්රහාරයෙන් අදාළ නිවසේ සිටි අවුරුදු 11 සහ 17 යන වයස්වල පසුවූ පිරිමි දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම දරුවන්ගේ 55 හැවිරිදි පියා ද රෝහල් ගත කරනු ලැබීය.
මෙම ප්රහාරයට හේතුව සහ පසුබිම පිළිබඳ වැඩිදුර විමර්ශන ක්රියාත්මක වන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

