ගෝඨාව පාවාදුන් රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර කුමන්ත්රණයේ කොන්ත්‍රාත්කරුවෝ
රාජපක්ෂ පවුලේ දේශපාලන අනාගතය නාමල් රාජපක්ෂට ලබා දීම සඳහා ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කුමන්ත්‍රණයක් පැවති බවට ප්‍රබල සාක්ෂි මේ වනවිට හෙළි වෙමින් තිබේ.
2019 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීමට එරෙහිව ශිරන්ති, මහින්ද ඇතුළු රාජපක්ෂ පවුල දැඩි ස්ථාවරයක සිටි බව ඒ දිනවලදී හෙළි වී තිබිණි. එහෙත්, වියත්මග සංවිධානය පිහිටුවා ගනිමින් දේශපාලන පිටිය සකස් කර ගෙන ඉදිරියට පැමිණි ගෝඨාභය රාජපක්ෂ පාස්කු ඉරුදින එල්ල කළ ප්‍රහාරයත් සමඟ තම අපේක්ෂකත්වය ප්රබලව තහවුරු කර ගනු ලැබීය.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව, පාර්ලිමේන්තු මැතිවරණය ද ජය ලබා ගැනීමෙන් බලය තහවුරු කර ගත් ගෝඨාභයට එරෙහිව නාමල් රාජපක්ෂගේ දේශපාලන ලොකු අයියා යනුවෙන් හැඳින්වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලගේ මූලිකත්වයෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුමක් නිර්මාණය කරනු ලැබීය. මේ නිසා 2022 මාර්තු මස 03 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලව අමාත්‍ය ධුරවලින් නෙරපා හරින ලදී. ඉන්පසු මාධ්‍ය වෙත අදහස් පළ කළ ඔවුන් දෙදෙනා යළිත් කිසි දිනෙක රාජපක්ෂලා සමඟ දේශපාලනය නොකරන බවට ප්‍රකාශ කර තිබිණි.
එහෙත් දැන් ගෝඨාභය රාජපක්ෂ මුළුමනින් ම අත්හැර දමා ඔවුන් දෙදෙනා ඇතුළු පිරිස මේ වනවිට නාමල් රාජපක්ෂ සමඟ අත්වැල් බැඳ ගෙන සිටී.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

