Latestදේශීය

නාමල් රාජපක්ෂ මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවෙක් ලෙස නම්කරයි

එයාර්බස් ගනුදෙනුවකට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා ඇති නඩුවක සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර තිබේ.

අදාළ නඩුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ අනිද්දා (16) අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර ඇති බව වාර්තා වේ.

එයාර්බස් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා පිළිබඳව අදාළ නඩු කටයුතු සිදු කෙරෙමින් පවතී.

නාමල් රාජපක්ෂට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවලදී කරුණු තවදුරටත් සලකා බැලීමට නියමිතය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *