තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලටත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් එම ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකිය. ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 3.00 දක්වා වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 146.5ක් ගම්පහ, වස්ලතාලාරාමය, කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
මේ අතර, දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං සමඟ මුහුද රළු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

