ප්‍රසන්න සංජීව අත්අඩංගුවට
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී ප්රඥප්තිය උල්ලංඝනය කරමින්, ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව මගී ප්‍රවාහන අවසර පත්‍ර නිකුත් කිරීම හරහා රජයට රුපියල් 4,160,000ක මූල්‍ය පාඩුවක් සහ බාහිර පාර්ශ්වයන්ට අයුක්තිසහගත වාසියක් සැලැස්වීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී තිබේ.
එම චෝදනාව මත බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වන ඕපාත විතානගේ ප්‍රසන්න සංජීව යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද දින (15) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

