මේ සෝදිසි රාජ්‍ය ක්‍රියාවලියට එරෙහිව සියලු ක්‍රියාමාර්ග ගන්නවා – ජන අරගල සන්ධානය
ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! “යන සඨන් පාඨ මූලික කරගනිමින් ජන අරගල ව්‍යාපාරය අද (15 ) කොළඹ පිහිටි ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. එහිදී අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ නියෝජිතයින් දැක්වූ අදහස්,
" NPP ආණ්ඩුව බලයට පත්වෙලා දැනට අවුරුදු දෙකක් වෙනවා. මේ ආණ්ඩුව බලයට ගේන්න මේ රටේ දුප්පත් මිනිස්සු තමන්ගේ ඡන්දය පාවිච්චි කළේ බලාපොරොත්තු ගොඩක් තියාගෙන. ඒ බලාපොරොත්තු ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව කරන්නේ හොරු අල්ලනවා කිය කිය මාධ්‍ය සංදර්ශන තියන එක විතරයි.
ආණ්ඩුව පසුගිය වසරේ අප්‍රේල් මාසෙදි මෝදි එක්ක හොර ගිවිසුම් හතක් අත්සන් කළා. ඒ ගිවිසුම්වල තියෙන්නේ මොනවද කියලා අදටත් මේ රටේ ජනතාවට කියලා නැහැ. පසුගිය දවසක ඉන්දියානු ආරක්ෂක ඇමතිවරයා ලංකාවට ආවා. මෙහෙම ඉන්දියානු ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට ආවේ අවුරුදු 38කට පස්සේ. ඒ නිසා ඒ පැමිණීම තේ බොන්න ආපු ගමනක් වෙන්න බැහැ.
අද ඉන්දියාව NPP ආණ්ඩුව මෙහෙයවමින් ලංකාවට විශාල බලපෑමක් කරනවා. එහි ප්‍රධානම පියවරක් තමයි මේ ජෛවමිතික දත්ත හැදුනුම්පත. ඩිජිටල්කරණයට විරුද්ධ වෙනවා කියලා ආණ්ඩුව මේක යට ගහන්න හැදුවට මෙතන ඇත්තටම තියෙන්නේ ඩිජිටල්කරණයක් නෙවෙයි. මේ හදන්නේ මිනිස්සුන්ගේ ඇහේ කර්ණිකාව, ලේ වර්ගය, ඇඟිලි සලකුණු වගේ ඉතාම සංවේදී පෞදගලික දත්ත කිසිඳු ආරක්ෂාවක් නැතුව ඉන්දියානු කම්පැනියක් අතට දෙන්න. ඊටපස්සෙ අපි යන එන තැන්, කරන්නේ මොනවද, හම්බ වෙන්නේ කාවද, ඉඳලා අපි බොන බෙහෙත් පෙත්ත, කනබොන දේවල් පවා අපි දන්නැති පුද්ගලයි විසින් බලාගෙන ඉන්නවා. ඒවා දත්ත විදිහට ඔවුන් ළඟ එකතු වෙනවා.
අපි විරුද්ධ මේ සෝදිසි රාජ්‍ය ක්‍රියාවලියට. අනිපැත්තෙන් ඉන්දියාව මේ කරන බලහත්කාරයට. අපි කියන්නේ වහාම මේ බලහත්කාරය නවත්වන්න කියලා. "
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

