නාමල් නැවතත් බන්ධනාගාරයට
එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා ඇති නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
එයාර්බස් සිද්ධියට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අයථා පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මීට පෙර අධිකරණ නියෝගයකට අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් නාමල් රාජපක්ෂ මහතා අද (16) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා.
අදාළ නඩුකරය කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම රක්ෂිත බන්ධනාගාර නියෝගය ලබාදී තිබෙනවා.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

