රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ DNA පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමට UNDP සහාය
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ DNA පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීම සඳහා නවීන පරීක්ෂණ උපකරණ රැසක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ලබාදී තිබේ.
RT-PCR යන්ත්‍රයක්, PCR පද්ධතියක් සහ Crime-Lite සිරොලොජි කට් ඇතුලු උපකරණ අද (15) බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී UNDP මෙරට නිත්‍ය නියෝජිත Azusa Kubota මහත්මිය වැඩබලන රජයේ රස පරීක්ෂක කාමිණි පෙරේරා මහත්මිය වෙත භාරදෙන ලදී. ඒ අවස්ථාවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාද එක්ව සිටියේය.
කැනඩා රජයේ මූල්‍ය සහාය යටතේ UNFPA විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. නව උපකරණ මගින් DNA පරීක්ෂණවල නිරවද්‍යතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවා නඩු කටයුතු සඳහා අවශ්‍ය විද්‍යාත්මක සාක්ෂි කඩිනමින් ලබාදීමට අපේක්ෂා කෙරේ.
මේ අතර, රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය අවම කිරීම සඳහා මේ වන විට පියවර ගෙන ඇති බව අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය. ඒ අනුව අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීම මෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂණ වාර්තා මාස තුනකට අඩු කාලයක් තුළ නිකුත් කිරීමටද කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

