Latestදේශීය

ශිරන්ති රටෙන් පිටවූ පුවත සත්‍යයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

ඇය සමඟ රෝහිත රාජපක්ෂගේ නැන්දණිය වන ඈන් ද ලිවේරා නැමැත්තියද පිටත්ව ගොස් ඇති අතර ඔවුන් අද අලුයම 01.10ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරන ගුවන් යානයෙන් මෙලෙස පිටත්ව ගොස් ඇති බව පැවසේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ප්‍රකාශයක් ලබාදීම සඳහා එළඹෙන 24 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක් සිදුකර තිබියදී මෙලෙස පිටව යාම විශේෂත්වයකි.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *