Latestවිදේශීය

යුද්ධය අව­සන් කිරීමේ යෝජ­නාව කොංග්‍ර­ස­යේදී තෙවැනි වර­ටත් සම්මතයි

යුද මෙහෙ­යුම් සඳහා අමෙ­රි­කා­වට පළමු මාස 4ක කාල­සී­මා­වේදී අවම වශ­යෙන් ඩොලර් බිලි­යන 38ක් විය­දම් වූ බව අනා­ව­ර­ණය වීමෙන් පසු ඉරාන යුද්ධය අව­සන් කිරිමේ යෝජ­නාව කොංග්‍ර­ස­යේදී තුන්වැනි වර­ටත් සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මධ්‍යම වාර මැති­ව­ර­ණ­යට පෙර ඉරාන යුද්ධය සම්බ­න්ධ­යෙන් කොංග්‍ර­සයේ පැවති අව­සන් ඡන්ද විම­සීම මෙය බව ද වාර්තා වේ. කොංග්‍ර­සයේ තීන්දුව ට්‍රම්ප්ගේ රිප­බ්ලි­කන් ඡන්ද පද­න­මට තදින් බල­පානු ඇතැයි ද වාර්තා පළ වී තිබේ. ඉරාන යුද්ධය අව­සන් කිරිමේ යෝජ­නාව තෙවැනි වර­ටත් සම්මත වී ඇත්තේ යුද විය­දම මාස­ය­කට ඩොලර් බිලි­යන 3කින් ඉහළ යන බවත්, පහත වැටී ඇති අවි­ආ­යුද සංචි­තය නැවත ගොඩ­නැ­ඟී­මට තවත් වසර 5ක් පමණ ගත­විය හැකි බවත් කොංග්‍රස් අය­-වැය කාර්යා­ලයේ වාර්තා­ව­කින් පෙන්වා දීමෙන් පැය කිහි­ප­ය­කට පසු­වය. මීට පෙර අවස්ථා දෙක­කදී මෙන් මෙවර ද එම යෝජ­නාව ඡන්ද 220-204කින් සම්මත වූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

යුද්ධය අව­සන් කරන ලෙස ඉල්ලා සිටි බහු­ත­ර­යක් වූ ඩිමො­ක්‍ර­ටික් මන්ත්‍රී­වරුන් සමඟ ට්‍රම්ප්ගේ රිප­බ්ලි­කන් පක්ෂයේ මන්ත්‍රී­ව­රුන් කිහි­ප­දෙ­නකු ද එක්වී සිටි බව වාර්තා වේ. කෙසේ වෙතත් කොංග්‍ර­සයේ තීන්දුව ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යොමු­වූ­වද, ඔහු සිය නිෂේධ බලය යොදා එම යෝජ­නාව අහෝසි කිරී­මට වැඩි ඉඩ­ක­ඩක් පව­තින බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *