ශානිගේ රවීගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
ඉකුත් ජනාධිපතිවරණ සමයේදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අදාළව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන තුළින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකු විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව, එම පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් රුපියල් පනස්දහස (රු. 50,000) බැගින්ද, අදාළ විමර්ශනය සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් රුපියල් දසදහස (රු. 10,000) බැගින් ද පෙත්සම්කරුවන් වන ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන අයට වන්දි වශයෙන් ගෙවිය යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තමන් අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉකුත් ජනාධිපතිවරණ සමයේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවය.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

