Latestදේශීය

මුලතිව් හා කයිතඩි නව තැපැල් කාර්යාල ද්විත්වය ජනතා අයිතියට

රුපියල් මිලියන 56 කට ආසන්න වියදමින් ඉදිකෙරුණු මුලතිව් නව තැපැල් කාර්යාල  ගොඩනැගිල්ල ලබන 18 වන දින  සහ යාපනය කයිතඩි නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ලබන 19 වන දින ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

මීට අමතරව රුපියල් මිලියන 32ක වියදම්න් ඉදිකරන පුතුකුඩියිරුප්පු නව තැපැල් කාර්යාලය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යවරයා අතින් ලබන 18 වනදා මුල්ගල තැබෙන අතර එම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල 2027 අප්‍රේල් මස වන විට ඉදිකර අවසන් කිරීමටද සැලසුම් කර ඇත.

වසර 10 කට පසු තැපැල් දෙපාර්තමේන්තුව සඳහා නව තැපැල් කාර්යාල ඉදිකිරීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරනු ලැබූ අතර, 2025 වසරේ අයවැයෙන් නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වෙන් කළ රුපියල් මිලියන 600 ක මූ‌ල්‍ය ප්‍රතිපාදනයෙන් රුපියල් මිලියන 28 බැගින් වැය කර මෙම නව තැපැල් කාර්යාල දෙක ඉදිකර ඇත. 2025 අයවැය ප්‍රතිපාදන මත ඉදිකෙරුණු නව තැපැල් කාර්යාල 07 ක් සහ උප තැපැල් කාර්යාල 03 ක් මේ වනවිටත් ජනතා අයිතියට පත් කර ඇත.

තැපැල් දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ 2025 වසරේ ගොඩනැගිලි අලුත්වැඩියා සඳහා රුපියල් මිලියන 600 ක් වෙන් කර තැපැල් කාර්යාල හා පාලන කාර්යාල 200 කට ආසන්න සංඛ්‍යාවක් අලුත්වැඩියා කර ඇත. 2026 වසරේ ද අත්‍යවශ්‍ය සංවර්ධන හා අලුත්වැඩියා කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කරමින් එම වැඩසටහන් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ.

මීට අමතරව, වාහන මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 588 ක්, CCTV පද්ධති සඳහා රුපියල් මිලියන 27 ක්, Desktop පරිගණක සඳහා රුපියල් මිලියන 74 ක්, Tablet පරිගණක සඳහා රුපියල් මිලියන 101 ක් සහ ඇඟිලි සලකුණු යන්ත්‍ර 657 ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 31 ක් වෙන් කර ඇත. එසේම මඩකලපුව, පොළොන්නරුව, මධ්‍යම තැපැල් හුවමාරුව සහ තැපැල් මූලස්ථානය සඳහා රුපියල් මිලියන 24 ක් වැය කර මේ වනවිට සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කර අවසන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *