නාමල්ට අදත් ඇප නෑ
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඩොලර් ලක්ෂ 08ක හෙවත් රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියට අදාළය දූෂණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ මස 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයද එදින ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ප්‍රකාශ කර ඇත.
ඒ, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාල ගනුදෙනුවේදී සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ BIZ Solutions INC නැමති ගිණුමට අල්ලස් වශයෙන් ලද යුරෝ දාහතරලක්ෂ පනස් හතරදහස් හයසිය පනස් එකයි ශත විසි හතරක (€ 1,454,651.24) මුදලින්, ඇමෙරිකානු ඩොලර් අට ලක්ෂයක ($ 800,000) මුදලක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වෙත හිමිකාරීත්වය ඇති Sabre Vision Holdings LTD සමාගමේ නමින් සිංගප්පූරුවේ පිහිටි OCBC බැංකුවේ ගිණුමක් වෙත තැන්පත් කරවාගෙන තිබේ.
පසුව් එම මුදලට සමාන වන අයුරින් ශ්‍රී ලංකා රුපියල් මිලියන සියයක (රු. 10,000,000,000) මුදලක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අතින් 2014, 2015 වර්ෂවල අවස්ථා කීපයකදී නාමල් රාජපක්ෂ විසින් අල්ලස් ලෙස ලබාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයා විසින් ප්‍රකාශ ලබා දී ඇති බවද අධිකරණයේදී අනාවරණය වී තිබිණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

