Latestදේශීය

චාවකච්චේරිය මුලික රෝහලට අංගසම්පුර්ණ ඖෂධ ගබඩාවක් සමඟ කාර්ය මණ්ඩල නිල නිවාස සංකීර්ණයක්

රුපියල් මිලියන 336ක වියදමින් චාවකච්චේරිය මුලික රෝහලට අංග සම්පුර්ණ ඖෂධ ගබඩාවක් සමඟ කාර්ය මණ්ඩල නිල නිවාස සංකීර්ණයක් හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පෙරවරුවේ චාවකච්චේරිය මුලික රෝහල් පරිශ්‍රයේ දී මුල්ගල තැබීමට නියමිතය.

උතුරු පළාතේ ජනතාවට වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් රජය දියත්කරන නව වැඩසටහන් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති ද්විත්වය පළාත් සභා අරමුණ යටතේ ක්‍රියාත්මක වන අතර ඒ අනුව චාවකච්චේරිය මුලික රෝහලේ නව ඖෂධ ගබඩාව සමඟ කාර්ය මණ්ඩල නිවාස සංකීර්ණ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 282.52කි. මෙහි ඉදිකිරීම් 2027 වසරේ අගෝස්තු මස අවසන් කිරීමට සැලසුම් කර ඇත.

රෝහලේ සෝපනය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ද මීට සමඟාමීව ආරම්භවන අතර ඒ සඳහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 53කි. එම ප්‍රතිපාදන උතුරු පළාත් සභා ප්‍රතිපාදන යටතේ ලබාදෙනු ලබන අතර එම ව්‍යාපෘතිය 2027 මැයි මස අවසන් කිරීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර  නාගලිංගම් වේදනායගම් මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්, පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්වීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *