ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට අමෙරිකාවෙන් 100% තීරුබදු
රුසියාව විසින් යුක්රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය අනුග්‍රහය අඩපණ කිරීමේ අරමුණින් ‘රුසියාවට සම්බාධක පැනවීමේ පනතට’ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.
මෙම පනතට අනුව රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට 100%ක් දක්වා වූ තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයාට බලය හිමිවේ.
ජනපති ට්‍රම්ප් මෙම අනුමැතිය ලබා දී ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයේ බහුතර බලය හිමි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඡන්ද 262-159ක් ලෙස මෙම පනත සම්මත වීමෙන් දින දෙකකට පසුවය.
යුක්රේනය වෙනුවෙන් පෙනී සිට මෑතකදී අභාවප්‍රාප්ත වූ සෙනෙට් සභික ලින්ඩ්සි ග්‍රෑම් සිහිපත් කර මෙම පනත ඔහුගේ නමින් (Lindsey O Graham Sanctioning Russia and Iran Act of 2026) ලෙස නම්කර ඇත.
මෙම නව නීතිය රුසියානු රාජ්‍ය නිලධාරීන්, බැංකු, බලශක්ති අංශ මෙන්ම රුසියානු හමුදා මෙහෙයුම්වලට සහාය දක්වන විදේශීය ආයතනවලටද අදාළ වේ.
ඒ අනුව රුසියාවෙන් විශාල වශයෙන් ඉන්ධන සහ ගෑස් ආනයනය කරන ඉන්දියාව සහ චීනය වැනි රටවලට මින් දැඩි බලපෑමක් එල්ලවනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

