Latestදේශීය

අනෝජන් සිවරාසාගේ සිද්ධිය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශය කියන්නේ කුමක් ද?

සවුදි අරාබි රාජ්‍යය තුළ දැනට අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලාංකික ජාතිකයෙකු වන අනෝජන් සිවරාසාගේ නඩුව සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය දැඩි අවධානයෙන් කටයුතු කරමින් සිටින බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

ඒ අනුව, රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සහ කොළඹ පිහිටි සවුදි අරාබි රාජ්‍යයේ තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මෙහි ප්‍රගතිය පිළිබඳව නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාට මරණ දඬුවම නියම වී ඇති බවට ඔවුන්ගේ පවුලේ ඥාතීන් සඳහන් කරන අතර ඔහුට මරණ දඬුයම ලබාදී ඇතැයි පැවසෙන්නේ සවුදි අරාබියේ සේවය කරමින් සිටියදී සිවරාසා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මුස්ලිම් ආගමට සහ මුහම්මද් නබි නායකතුමාට අපහාස වන අයුරින් තබන ලදැයි කියන සටහනක් මුල් කර ගනිමිනි.

එම නිවේදනය
“මාධ්‍ය නිවේදනය

සවුදි අරාබියේ සිටින අනෝජන් සිවරාසාගේ සිද්ධිය පිළිබඳව විදේශ අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවෙයි. සවුදි අරාබි රාජධානිය තුළ දැනට අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසා මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවෙයි.

රියාද් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සහ කොළඹ පිහිටි සවුදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව, අමාත්‍යාංශය මේ පිළිබඳ වර්ධනයන් අඛණ්ඩව නිරීක්ෂණය කරනු ලබයි.

රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ අදාළ සවුදි බලධාරීන් සමඟ අමාත්‍යාංශය දිගින් දිගටම සම්බන්ධ වී සිටින අතර, අනෝජන් සිවරාසා මහතාගේ අයිතිවාසිකම් හා අභිලාෂයන් ආරක්ෂා කිරීමට සහ ඔහුට හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට සුදුසු පියවර ගනිමින් සිටී.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

2026 සැප්තැම්බර් 18″


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *