20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේදී ඇරඹේ
20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි-නගෝයා නගර කේන්ද්‍ර කරගනිමින් ඊයේ (19) ආරම්භ වූ අතර, එය ඔක්තෝබර් 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ආසියාවේ විශාලතම ක්‍රීඩා උළෙල ලෙස සැලකෙන මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ තේමා පාඨය “Imagine One Asia” ලෙස නම් කර තිබේ.
ආසියානු ඔලිම්පික් කවුන්සිලයට අයත් රටවල් සහ කලාප 45ක් සමඟ ප්‍රථමවරට එක්වන ආසියානු සරණාගත කණ්ඩායමක්ද ඇතුළුව කණ්ඩායම් 46ක් මෙවර තරගාවලියට සහභාගී වෙති.
ජපානය ආසියානු ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය දක්වන තෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර 1958 වසරේදී ටෝකියෝ සහ 1994 වසරේදී හිරෝෂිමා නගරවලදී ආසියානු ක්‍රීඩා උළෙල පවත්වා තිබේ.
සමාරම්භක හා සමාප්ති උළෙල ඇතුළු ප්‍රධාන මලල ක්‍රීඩා තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය ලෙස ආසන 35,000ක ධාරිතාවකින් යුත් පලෝමා මිසුහෝ ක්‍රීඩාංගණය නම් කර ඇත.
මෙවර ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කට අධික පිරිසක් සහ නිලධාරීන් 6,000ක් පමණ සහභාගී වන අතර, ක්‍රීඩා 43ක් යටතේ තරග ඉසව් 469කදී ඔවුන් තරග වැදීමට නියමිතය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

