සිවරාසා බේරාගැනීමේ මැදිහත්වීම් කඩිනම් කළ යුතුයි – ෆයිසර් මුස්තාපා
සවුදි අරාබියේදී බරපතළ නීතිමය ක්‍රියාමාර්ගයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මෙන්ම නීතිමය වශයෙන් කඩිනම් සහ ප්‍රබල මැදිහත්වීමක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා පවසයි.
රටක ස්වෛරීභාවයට හා නීතියට ගරු කළ යුතු බවත් තම පුරවැසියකු වෙනුවෙන් කළ හැකි උපරිම නීතිමය හා මානුෂීය පියවර ගැනීම මේ මොහොතේ ප්‍රමුඛතාව විය යුතු බව ඒ මහතා අවධාරණය කරයි.
සවුදි අරාබියේ සේවය කරමින් සිටියදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ බව කියන ප්‍රකාශයක් මුල් කරගනිමින් අත්අඩංගුවට පත්වීමෙන් පසුව මරණ දඬුවම නියමව ඇති අනෝජන් නම් තරුණයා සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා මේ බව පවසයි.
ශ්‍රී ලංකාව හා සවුදි අරාබිය අතර පවතින දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය උපයෝගී කරගනිමින්, ඉහළම රාජ්‍ය මට්ටමින් සාකච්ඡා මාර්ගයට පිවිසීම තුළින් මෙම තරුණයාගේ ජීවිතය රැකගැනීමට ඉඩකඩ පවතින බවත්, රජය මෙන්ම විපක්ෂයද පක්ෂ පාට භේදයකින් තොරව මේ වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

