‘අමෙරිකාව හමුවේ දණ නමන්නේ නෑ’ UN සැසියේදී ඉරාන ජනපති කියයි
මාස 7කට ආසන්න කාලයක් අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ යුද වැදී සිටින ඉරානය කිසිදු අවස්ථාවක දණ නොනමන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ සිය දේශනය සිදු කරමින් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සම්බාධක, බලපෑම් සහ බියගැන්වීම්වලදී ඉරාන ජනතාවගේ විරෝධය තව තවත් ඉහළ යන බව ද ඔහු සඳහන් කර තිබේ.
යුද ගැටුමට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ලබාගැනීමට ඉරානය සෑම විටම සූදානම් බව සඳහන් කර ඇති ජනාධිපති පෙසෙෂ්කියන් ඕනෑම ගනුදෙනුවකට පෙර ඉරාන වරායන් වෙත පනවා ඇති අමෙරිකානු නාවික අවහිරතාව ඉවත් විය යුතු බව ද අවධාරණය කර තිබේ. ඉරාන ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ කඩිනමින් එකඟතාවකට එක්නොවුවහොත් ඉරානය සුනු විසුනු කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දේශනය අතරතුර සිදු කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර ලෙස බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඉරාන ජනාධිපතිවරයාගේ දේශනය ආරම්භයේදීම අමෙරිකානු සහ ඊශ්‍රායල නියෝජිතයන් ශාලාවෙන් පිටතට ගොස් ඇති අතර, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අමෙරිකාවෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ.
අමෙරිකානු ජනාධිපතිවරයා අප ත්රස්තවාදීන් ලෙස හැඳින්වුවා. නමුත් ඇත්ත වශයෙන්ම ත්රස්තවාදයේ ගොදුරක් බවට පත්වූයේ අපි.‘ එසේ ප්‍රකාශ කර ඇති ඉරාන ජනපති පෙසෙෂ්කියන් පෙබරවාරි අගභාගයේ අමෙරිකානු හා ඊශ්‍රායල ප්‍රහාරයකින් සිය නිල නිවෙසේදී ඝාතනයට ලක්වූ ඉරානයේ උත්තරිතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඡායාරූපයක් ද ඉහළට ඔසවා සභාවට ප්‍රදර්ශනය කර තිබේ. අනතුරුව මිනාබ් නුවර ප්‍රාථමික පාසලකට සහ ලමාර්ඩ් ක්‍රීඩා සංකීර්ණයට එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් මියගිය දරුවන් ඇතුළුව 175 දෙනකුට වැඩි සිවිල් වැසියන්ගේ ඡායාරූපයක් ද ප්‍රදර්ශනය කර තිබේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

