Latestනවතම ලිපිවිදේශීයවිශේෂාංග

බොලීවියාවෙන් සොයාගත් නව බළල් විශේෂය – Leopardus Tilcayo

සියවසකට වැඩි කාලයකට පසු පළමු වතාවට බොලිවියාවෙන් නව වල් බළල් වර්ගයක් සොයාගෙන ඇත. සත්ව විද්‍යාඥයින් විසින් බළලා Leopardus tilcayo ලෙස නම් කර ඇත. කිලෝග්‍රෑම් 1.5 ක් බරැති මෙම බළලුන්, වනාන්තර විනාශයෙන් තර්ජනයට ලක්ව ඇති ඉතා තෙතමනය සහිත කඳුකර කලාපයක් වන බොලිවියාවේ වනාන්තරවල පමණක් ජීවත් වේ. වටකුරු කන්, තිත් සහිත කබාය සහ සෙන්ටිමීටර 45 ක දිගකින් යුත් මෙම කුඩා වල් බළලා ලොව පුරා සත්ව ලෝලීන්ගේ හා සත්ව විද්‍යාඥයයන් ගේ කතා බහට ලක් වී ඇත.

DNA ජානමය විශ්ලේෂණයන් මගින් හෙළි වී ඇත්තේ බොලිවියානු වනාන්තරවලින් සොයාගත් මෙම සත්ව විශේෂය වසර මිලියන 1.4 කට පෙර අනෙක් විශේෂයන්ගෙන් වෙන් වූ සුවිශේෂී පෙළපතකට අයත් සත්වයෙකු බවයි.

බොලිවියාවේ ලා පාස් අගනුවර අසලින් හමු වූ මෙම බළලා ගෘහස්ථ බළලෙකු ලෙස වරදවා වටහාගෙන නිවසට රැගෙන ගිය ගැමි පවුලක් එම සත්වයාට වෙනත් ගෘහස්ථ සතුන්ට දෙන සත්ව ආහාර ලබා දුන් අතර අවසානයේ සතාගේ හැසිරීම වෙනස් වී ගෙදර සිටිනා කුකුලන්, සාවුන් දඩයම් කිරීමට පටන් ගැනීම නිසා සත්ව සංරක්ෂණ ආයතනයකට ලබා දී ඇත. එම මධ්‍යස්ථානය සත්වයා භාරගත් පසු, සත්ව විද්‍යාඥ පර්යේෂකයෙකු විසින් එය නව අභිජනනයක් ලෙස හඳුනා ගන්නා ලදී.

“නව බළල් වර්ගයක් සොයා ගැනීම යනු ඔබේ ළමා කාලය තුල නැවත ගත කරනවා හා සමානයි. ඔහු ජීවත් වන්නේ කොහේද, ඔහු කරන්නේ කුමක්ද යන්න ගැන ඔබ කල්පනා කරන අතර ඔබට එය දැකීමට අවශ්‍ය වේ. අපි මේ ආකාරයේ දේවල් ගැන සැමවිටම කුතුහලයෙන් සත්ව ලෝලීන් සමග බෙදා ගන්නවා. මෙම සතා සියවසකට පසු පළමු වරට බොලිවියාවේ සොයාගත් අපුර්ව නව සත්ව විශේෂයක් ” යයි ජීව විද්‍යාඥයෙකු වන Paola Nogales-Ascarrunz අවධාරණය කරනු ලබයි.

Leopardus tilcayo නම් මෙම බළල් වර්ගය ලොව පුරා කොපමණ සංඛ්‍යාවක් ඉතිරිව සිටිනවාදැයි දැන ගැනීමට නොහැකිය. ලොව පුරා වල් බළලුන් වර්ග හතළිහක් පමණ මේ වන විට හඳුනාගෙන ඇත. අළුතෙන්ම සොයා ගැනුණු Leopardus tilcayo මෙන්, බොහෝ දෙනෙක් වඳවීමේ තර්ජනයට ලක්ව සිටිති. අවසන් වරට සොයා ගන්නා ලද්දේ 1923 දී උරුගුවේ පැම්පස් බළලා ය.

“තවමත් මිනිස් ඇසට අසු නොවූ සොයා ගැනීමට අවශ්‍ය විශාල ජෛව විවිධත්වයක් ලොව පුරා තිබෙනවා. මෙම නව විශේෂ හඳුනා ගැනීම හදිසි වන්නේ ඒවා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති නිසා වගේම අප කතා කරන මොහොත වන විටත් ඔවුන් අතුරුදහන් වන සත්ව වර්ග ලෙස හඳුනා ගෙන තිබෙන නිසා ,”යයි ඇන්ට්වර්ප් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥයෙකු වන Jonas Lescroart අනතුරු අඟවයි.

“පැහැදිලිවම මෙය සියවසේ හමු වූ ඉතාමත් “සන්ධිස්ථාන සිදුවීමක්”, මන්ද වසර 100 ක් තිස්සේ ලෝකයේ කිසිම තැනක නව වල් බළලෙකු සම්බන්ධව විස්තර කර නොමැත. ටිල්කායෝ “ගෘහස්ථ බළලෙකුට වඩා ටිකක් කුඩා වන අතර, වටකුරු කන් ඇති” සහ තිත් සහිත කබායක් ඔවුන්ට තිබෙනවා. මෙම විශේෂය මෙතෙක් බොලිවියාවේ පමණක් හඳුනාගෙන ඇති වඳවීමේ තර්ජනයට ඍජුවම ලක්ව ඇති සත්ව විශේෂයක් ” යයි බොලිවියාවේ ජාතික භූගෝලීය ගවේෂකවරියක් වන Paola Nogales-Ascarrunz, මහත්මිය ද පවසා සිටි.

මෙම සත්වයා අයත් වන්නේ මධ්‍යම සහ දකුණු ඇමරිකාවෙන් පැමිණි කුඩා තිත් සහිත බළලුන් කණ්ඩායමක් වන කොටි-බළල් පවුලට වන අතර, ඔවුන් ගුප්ත විශේෂයක් ලෙස ප්‍රසිද්ධය. මෙයින් අදහස් කරන්නේ ඔවුන්ගේ භෞතික ලක්ෂණ අනුව එකිනෙකාගෙන් වෙන්කර හඳුනා ගැනීම ද ඉතා සංකීර්ණ බව සත්ව විද්‍යාඥයින් මේ අතර පෙන්වා දේ.

මෙම බළලුන්ගේ ආහාර රටාව, ඔවුන් දඩයම් කරන දේ, ඔවුන් ප්‍රජනනය කරන ආකාරය සහ වනයේ ඔවුන්ගේ දෛනික ජීවිතයේ තවත් බොහෝ අංශ පිළිබඳව සොයා බැලිය යුතු අභිරහස් හැසිරීම් රටාවන් තවමත් ඉතිරිව පවතී.

මෙම නව බළලා හඳුනා ගැනීමට භාවිතා කරන ක්‍රම මගින් ලොව පුරා තවත් බළල් විශේෂ සොයා ගැනීමට සහ ඒවා ආරක්ෂා කිරීමට නව ක්‍රම සංවර්ධනය කිරීමට හේතු වනු ඇතැයි පර්යේෂකයෝ බලාපොරොත්තු පල කර සිටි.

ස්වභාවික ලෝකයට ඔවුන් සිදු කරන ගැඹුරු බලපෑම නිසා කොටි ඇතුළු මෙම බිලාල සත්ව ගෝත්‍ර බොහෝ විට පාරිසරික රණශූරයන් ලෙස හැඳින්වේ. වනාන්තරවල විශාල ප්‍රදේශ වල ස්වාභාවික පරිසර සමතුලිතයන් ලෙස ක්‍රියා කිරීමට ඉඩ සලසන ආරක්ෂිත වාසස්ථානවල ජීවත් වීමෙන් ඔවුන් පෘතුවියේ කාබන් ඩයොක්සයිඩ් අඩු කිරීමට ද උපකාරී වේ.

සත්ව විද්‍යාඥයින්ට අනුව මෙම බිලාල විලෝපිකයන් සහිත කොටි ප්‍රබේද මුවන් වැනි විශාල ශාකභක්ෂකයන් දඩයම් කරයි, එය අධික ලෙස තෘණ අනුභව කිරීම වළක්වන අතර ගස් හා ශාක සම්පූර්ණයෙන්ම වර්ධනය වීමට සහ ඊටත් වඩා කාබන් අවශෝෂණය කිරීමට ඉඩ සලසයි.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *