Latestවිදේශීය

‘අමෙ­රි­කාව හමුවේ දණ නමන්නේ නෑ’ UN සැසියේදී ඉරාන ජනපති කියයි

මාස 7කට ආසන්න කාල­යක් අමෙ­රි­කාව සහ ඊශ්‍රා­ය­ලය සමඟ යුද වැදී සිටින ඉරා­නය කිසිදු අව­ස්ථා­වක දණ නොන­මන බව ඉරාන ජනා­ධි­පති මසූඩ් පෙසෙ­ෂ්කි­යන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ සිය දේශ­නය සිදු කර­මින් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සම්බා­ධක, බල­පෑම් සහ බිය­ගැ­න්වී­ම්ව­ලදී ඉරාන ජන­තා­වගේ විරෝ­ධය තව තවත් ඉහළ යන බව ද ඔහු සඳ­හන් කර තිබේ.

යුද ගැටු­මට රාජ්‍ය­තා­න්ත්‍රික විස­ඳු­මක් ලබා­ගැ­නී­මට ඉරා­නය සෑම විටම සූදා­නම් බව සඳ­හන් කර ඇති ජනා­ධි­පති පෙසෙ­ෂ්කි­යන් ඕනෑම ගනු­දෙ­නු­ව­කට පෙර ඉරාන වරා­යන් වෙත පනවා ඇති අමෙ­රි­කානු නාවික අව­හි­ර­තාව ඉවත් විය යුතු බව ද අව­ධා­ර­ණය කර තිබේ. ඉරාන ජනා­ධි­ප­ති­ව­රයා මේ ප්‍රකා­ශය සිදු කර ඇත්තේ කඩි­න­මින් එක­ඟ­තා­ව­කට එක්නො­වු­ව­හොත් ඉරා­නය සුනු විසුනු කරන බවට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දේශ­නය අත­ර­තුර සිදු කළ අන­තුරු ඇඟ­වී­මට ප්‍රති­චාර ලෙස බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. ඉරාන ජනා­ධි­ප­ති­ව­ර­යාගේ දේශ­නය ආර­ම්භ­යේ­දීම අමෙ­රි­කානු සහ ඊශ්‍රා­යල නියෝ­ජි­ත­යන් ශාලා­වෙන් පිට­තට ගොස් ඇති අතර, ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රකා­ශ­යට අමෙ­රි­කා­වෙන් මෙතෙක් කිසිදු ප්‍රති­චා­ර­යක් දක්වා නැතැයි වාර්තා වේ.

අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා අප ත්‍රස්ත­වා­දීන් ලෙස හැඳි­න්වුවා. නමුත් ඇත්ත වශ­යෙන්ම ත්‍රස්ත­වා­දයේ ගොදු­රක් බවට පත්වූයේ අපි.‘ එසේ ප්‍රකාශ කර ඇති ඉරාන ජන­පති පෙසෙ­ෂ්කි­යන් පෙබ­ර­වාරි අග­භා­ගයේ අමෙ­රි­කානු හා ඊශ්‍රා­යල ප්‍රහා­ර­ය­කින් සිය නිල නිවෙ­සේදී ඝාත­න­යට ලක්වූ ඉරා­නයේ උත්ත­රි­තර නායක අය­තුල්ලා අලි කමේ­නිගේ ඡායා­රූ­ප­යක් ද ඉහ­ළට ඔසවා සභා­වට ප්‍රද­ර්ශ­නය කර තිබේ. අන­තු­රුව මිනාබ් නුවර ප්‍රාථ­මික පාස­ල­කට සහ ලමාර්ඩ් ක්‍රීඩා සංකී­ර්ණ­යට එල්ල වූ මිස­යිල ප්‍රහා­ර­ව­ලින් මිය­ගිය දරු­වන් ඇතු­ළුව 175 දෙන­කුට වැඩි සිවිල් වැසි­යන්ගේ ඡායා­රූ­ප­යක් ද ප්‍රද­ර්ශ­නය කර තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *