Latestදේශීය

කෙහෙල්බද්දර පද්මේගේ පොත් 08ක් පිළිබද විමර්ශන

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙල්බද්දර පද්මේ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සටහන් කර ඇති බව කියන පොත් අටක් අත්අකුරු පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (01) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් ලියන ලද බවට සැක කෙරෙන සටහන් පොත් අටක් විමර්ශන අතරතුරදී සොයාගෙන ඇති බව අධිකරණයට ප්‍රකාශ කළේය.

එම සටහන් පොත්වල සඳහන් කර ඇති නම් ගම් ගණන් මිනුම් සහිත ඒවායේ අත්අකුරු සැකකරුගේ අත්අකුරු සමඟ සසඳා පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියෝගයක් දෙන ලෙස විමර්ශන නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සටහන් පොත් අට අත්අකුරු පරීක්ෂාව සඳහා රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස නියෝග කළ අතර සැකකරු ලබන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *