බන්දුලගේ සෙක්කුව ළඟ චොකලට් කෑ කතාව
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගිය දා (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
අල්ලස් කොමිසම විසින් සිදුකරන ලද කැඳවීමකට අනුව ඔහු මෙලෙස කොමිසම හමුවට පැමිණ ඇති බව වාර්තා වේ.
ඔහු මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත්තේ සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලෙන් රුපියල් කෝටි නවයක මුදලක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීමෙන්, 59.5%ක අයුතු ලාභ ලබා ගැනීම පිළිබඳව ඇති පැමිණිල්ලක විමර්ශනයකට අදාළවය. 2007 වසරේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් මෙම විමර්ෂන සිදු කරනු ලබයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ සෙක්කුව ළඟ සිට චොකලට් කෑවත් පුන්නක්කු කෑ බවට බලාසිටින්නන් අනුමාන කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

