Latestදේශීය

ශිරන්ති බන්ධනාගාරයට

‘සිරිලිය සවිය’ අරමුදලට සම්බන්ධ ගිණුමකට අදාළව සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය ලබාදුන් නියෝගයකට අනුවය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද අධිකරණය නියෝග කළේය.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ, ‘සිරිලිය සවිය’ සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන ඇති බවයි.

එම යන්ත්‍රය ලබා නොදී අදාළ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවද අල්ලස් කොමිසම සඳහන් කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *