ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජපක්ෂවරුන්ගේ නඩු 03ක් එකම දිනයේදී විභාගයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා පුතුන් වන නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති දූෂණ නඩු තුනක් අද (13) කොළඹ අලුත්කඩේ උසාවි පරිශ්‍රයේදී විභාගයට ගැනේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙරට ප්‍රධාන දේශපාලන පවුලක සාමාජිකයන්ට එරෙහිව පවරන ලද නඩු ත්‍රිත්වයක් එකම දිනකදී විභාගයට ගැනෙන පළමු අවස්ථාව මෙය වේ.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් ‘සිරිලිය සවිය’ සංවිධානයේ ගිණුමකට බැර කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා යටතේ ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විභාග වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති ක්‍රිෂ් නඩුව ද එම අධිකරණය ඉදිරියේ කැඳවේ. නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව එම නඩුව පවරා ඇත්තේ රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය සැප්තැම්බර් 16 වැනිදා සිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය 7 වැනිදා සිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයේ සැකකරුවකු වූ නාමල් රාජපක්ෂ මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සැප්තැම්බර් 30 වැනිදා ඇප නියම කළේය. එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පවරා ඇති නඩුවේ ඇප ඉල්ලීම සලකා බැලීම අද (13) සිදුවේ.
එම නඩු දෙකට අමතරව ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩුවක් විභාග වේ. එම නඩුවට ඔහු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම නඩුවලට අමතරව, නිසි අධ්‍යාපනික සුදුසුකම් නොමැතිව නාවික හමුදා විධායක ශිෂ්‍යභට නිලධාරියකු ලෙස බඳවාගෙන බ්‍රිතාන්‍යයේ ‘Royal Navy Young Officers Course’ පාඨමාලාවට සහභාගි වීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කර යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද (13) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනේ.
ශිරන්ති රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වූ අතර, යෝෂිත රාජපක්ෂ මහතා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.
නාමල් රාජපක්ෂ මහතාගේ නඩුව විභාගයට ගත් පසුගිය සැප්තැම්බර් 29 වැනිදා ලලිත් – කූගන් සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරියේ පෙනී සිටියේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

