Latestදේශීය

මහින්ද අධික රුධිර පීඩනයක – රෝහල්ගත කරයි

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා අධික රුධිර පීඩන තත්ත්ව­යක් හේතු­වෙන් කොළඹ පෞද්ග­ලික රෝහ­ල­කට ඊයේ (12) ඇතු­ළත් කර තිබේ. හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සාමාන්‍ය තත්ත්ව­යන් යටතේ වෛද්‍ය ප්‍රති­කාර සහ පරී­ක්ෂණ සඳහා රෝහල් ගත­කළ බවත් වෛද්‍ය ප්‍රති­කා­ර­ව­ලින් පසුව සුවෙන් පසු­වන බවත් ඔහුට සමීප ආරංචිමාර්ග සඳ­හන් කරයි.

මහින්ද රාජ­පක්ෂ මහතා මේ වන විට ශාරී­රි­කව මෙන්ම මාන­සි­කව සුව­යෙන් යුතුව පසු­වන බවත් හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මාධ්‍ය ප්‍රකා­ශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැව­සීය.

මේ අතර අද (13) යෝෂිත රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂට පවරා ඇති නඩු විභායගට ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත් මනෝජ් ගමගේ මහතා පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට ප්‍රචාරය වන ප්‍රවෘත්ති අසත්‍ය බවත් වයස සැල­කි­ල්ලට ගෙන වෛද්‍ය පරී­ක්ෂණ සඳහා රාජපක්ෂ මහතා රෝහල්ගත කර ඇති බවත් ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *