ඩුබායි සුද්දාට වසර 05ක අත්හිටවූ සිරදඩුවමක්
සංචාරක වීසා මගින් ඩුබායි රටේ විදේශ රැකියා ජාවාරම සිදු කරන ලද ‘ඩුබායි සුද්දා’ නොහොත් රංතැටිගේ නිශ්ශංක ප්රියදර්ශන යන අයට රුපියල් ලක්ෂයක දඩමුදලක් නියම කරමින් වසර 5 ක අත්හිටුවන ලද සිරදඩුවමක් කුලියාපිටිය මහේස්ත්රාත් අධීකරණය විසින් නියම කරයි.
මෙම සැකකරුට විරුද්ධව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කුලියාපිටිය මහේස්ත්රාත් අධීකරණයේ පවරන ලද නඩුවේ තීන්දුව ලබා දෙමින් පසුගිය දා(13) මෙම නියෝග ලබා දුන්නේය. එසේම අගතියට පත් පැමිණිලි පාර්ශව වෙත රුපියල් ලක්ෂ 7 ක මුදලක් ගෙවීමට නියම කර අතර එම මුදල අධිකරණයේ තැන්පත් කිරීමට ද නියෝග කර තිබේ.
ඩුබායි රාජ්යෙය් රැකියා ලබා දෙන බවට පවසා මොහු විසින් රුපියල් ලක්ෂ 7 ක මුදලක් ලබා ගෙන පොරොන්දු වු පරිදි රැකියාව ලබානොදුන් බවට ගිරිඋල්ල ප්රදේශයේ පුද්ගලයෙකු විසින් කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුව ගැනීම සිදු කරන ලදී.
සැකකරු විදේශ ගතවී සිට යලි දිවයිනට පැමිණි පුද්ගලයෙකු වන අතර, කඩුවෙල ප්රදේශයේ රැදී සිටින බවට ලද තොරතුරක් අනුව මොහු අත්අඩංගුවට ගැනීමට යාමේදී විමර්ශන නිළධාරීන් මගහරිමින් සිය පුද්ගලික රථයෙන් පළායාමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුව ගැනිණි.
සැකකරු බුලත්සිංහල ප්රදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරයෙකු වන අතර, සමාජ මාධ්ය උපයෝගි කරගනිමින් මෙම ජවාරම මෙහෙයවා තිබේ.
විදේශ රැකියා ලබා දෙන බවට පවසා මුදල් වංචා කිරීමට අදාළව මෙම සැකකරුට එරෙහිව වැලිසර අධිකරණයේ හා කඩුවෙල අධිකරණයේ ද මේ හා සමාන නඩු පවරා තිබේ.
සංචාරක වීසා මගින් විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කරන ජාවාරම්කරුවන් පිලිබද ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට තවදුරටත් දන්වා සිටී.
එවැනි පැමිණිලි ලැබුනහොත් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 අංකයට හෝ 0112882229 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට තවදුරටත් ඉල්ලා සිටී.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

