Latestදේශීය

එජාප නිවේදනයෙන් ජනතාව නොමග යවනවා – හර්ෂණ නානායක්කාර

භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ ආග­මික නාය­ක­යන් බන්ධ­නා­ගා­ර­යෙන් පිට­තට රැගෙන යෑමට අදා­ළව මහා­චාර්ය ජී.එල්. පීරිස් මහතා උපුටා දක්ව­මින් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේ­ද­නයේ ජන­තාව නොමඟ යව­න­සුලු කරුණු අඩංගු බව අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානා­ය­ක්කාර මහතා පව­සයි.

බන්ධ­නා­ගාර විධි­වි­ධාන සම්බ­න්ධ­යෙන් කරුණු විකෘති කර මහ­ජ­න­තාව නොමඟ යව­න­සුලු ප්‍රකා­ශ­යක් සමා­ජ­ගත කිරී­මට වග­කිව යුතු පක්ෂ­යක් ලෙස එක්සත් ජාතික පක්ෂය කට­යුතු කිරීම කන­ගා­ටු­වට කරු­ණක් බව ද හෙතෙම අව­ධා­ර­ණය කරයි.

භික්ෂුන් වහ­න්සේලා ප්‍රමුඛ ආග­මික නාය­ක­යන් බන්ධ­නා­ගා­ර­යෙන් පිට­තට රැගෙන යෑමේදී බන්ධ­නා­ගාර විධි­වි­ධාන සම්බ­න්ධ­යෙන් නිර්දේශ ඉදි­රි­පත් කිරී­මට කමි­ටු­වක් පත් කිරී­මට අවශ්‍ය නැති බවත් බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේන්තු නිත්‍ය නියෝ­ග­වල අනු­ග­ම­නය කළ යුතු විධි­වි­ධාන සිය­ල්ලක්ම පැහැ­දි­ලිව සඳ­හන් බවත් එක්සත් ජාතික පක්ෂය මහා­චාර්ය ජී.එල්. පීරිස් මහතා උපුටා දක්ව­මින් සඳ­හන් කර ඇති බව ඇමැ­ති­ව­රයා කියයි. මේ නිවේ­ද­න­යෙන් හිතා­ම­තාම බන්ධ­නා­ගාර නිත්‍ය නියෝග 550හි එක් කොට­සක් පම­ණක් උපුටා දක්ව­මින් මහ­ජ­න­තාව නොමඟ යව­න­සුලු ප්‍රකා­ශ­යක් ජන­ගත කර ඇති බවත් හෙතෙම පව­සයි.

එක්සත් ජාතික පක්ෂය එම නිවේ­ද­නය නිකුත් කර ඇත්තේ නිත්‍ය නියෝ­ගයේ සම්පූර්ණ අන්ත­ර්ග­තය ඉදි­රි­පත් නොකර ඥාන­සාර හිමිට ලැබී ඇති සිර­ද­ඬු­වම් කාල­සී­මාව සැල­කි­ල්ලට නොග­නි­මින් බව ද ඇමැ­ති­ව­රයා සඳ­හන් කරයි.

බන්ධ­නා­ගාර ආඥා පනතේ 550 වැනි වග­න්තිය මෙසේය.

“උසා­වි­යට ඉදි­රි­පත් කළ යුතු, වර­ද­කරු කරනු ලැබූ සිර­ක­රු­වන් බන්ධ­නා­ගාර ඇඳු­මින්ම උසා­වි­යට ඉදි­රි­පත් නොකළ යුතුය. ඒ වෙනු­වට වර­ද­ක­රු­වන් කරනු ලැබී­මට පෙර ඔවුන් ඇඳී­මට පුරු­දුව සිටි ඇඳු­මට ගැළ­පෙන සිවිල් ඇඳු­මක් ඇඳී­මට ඔවුන්ට ඉඩ දිය යුතුය. අවු­රුදු තුනක හෝ ඊට අඩු හෝ සිර­ද­ඬු­වම් ලද සිර­ක­රු­වන් සම්බ­න්ධ­යෙන් කළ යුත්තේ ඔවුන්ගේ පෞද්ග­ලික ඇඳුම් ගබ­ඩා­වෙන් ගෙන ඇඳී­මට දීමය. ඔවුන්ගේ පෞද්ග­ලික ඇඳු­ම්ව­ලින් සිර­ක­රුට ශිෂ්ට­ස­ම්පන්න පෙනු­මක් නොලැබේ නම් මුදා­ලන විට සිර­ක­රු­වන්ට ආණ්ඩුවේ විය­ද­මින් දෙනු ලබන රෙදි­පි­ළි­ව­ලින් එම අඩු­පා­ඩුව පිර­විය යුතුය. අවු­රුදු තුන­කට වැඩි සිර­ද­ඬු­වම් ලද සිර­ක­රු­වන් සම්බ­න්ධ­යෙන් මුදා­ලන සිර­ක­රු­වන්ට දීමට නියම කොට ඇත්තා වූ ද බන්ධ­නා­ගා­ර­යේදී අය­ත් වන වස්ත්‍ර චක්‍ර­යට ගැළ­පෙන්නා වූද ඇඳුම් ඇඳී­මට සැලැ­ස්විය යුතුය. මේ සඳහා අවශ්‍ය වන රෙදි­පිළි ‘ඒ‘ චක්‍රය හෝ ‘බී’ චක්‍රය යටතේ වර්ග කර තිබෙන සිර­ක­රු­වන්ට දීම සඳහා සිර­ක­රු­වන් මුදා­ලන විට දෙනු ලබන සම්පූර්ණ ඇඳුම් කට්ටල සෑහෙන ප්‍රමා­ණ­යක් සෑම බන්ධ­නා­ගා­ර­ය­කම උප­ක­රණ ගබ­ඩාවේ සූදා­න­මින් තැබිය යුතුය. එසේ නිකුත් කරනු ලබන රෙදි­පි­ළි­වල බන්ධ­නා­ගාර රෙදි­පිළි වශ­යෙන් හඳුනා ගැනී­මට කිසිදු සල­කු­ණක් නොති­බිය යුතුය.”

ඒ අනුව බන්ධ­නා­ගාර නිත්‍ය නියෝග 550 හි මූලික කරුණු 3ක් අන්ත­ර්ගත බව ඇමැ­ති­ව­රයා සඳ­හන් කරයි.

1. උසා­වි­ය­කට ඉදි­රි­පත් කළ යුතු වර­ද­කරු කරනු ලැබූ සිර­ක­රු­වන් බන්ධ­නා­ගාර ඇඳු­මින්ම උසා­වි­ය­කට ඉදි­රි­පත් නොකළ යුතුය.

2. අවු­රුදු තුනක හෝ ඊට අඩු හෝ සිර­ද­ඬු­වම් ලද සිර­ක­රු­වන් සම්බ­න්ධ­යෙන් ඔවුන්ගේ පෞද්ග­ලික ඇඳුම් ඇඳ පැලඳ බන්ධ­නා­ගා­ර­යෙන් බැහැර විය හැකිය.

3. අවු­රුදු තුන­කට වඩා වැඩි සිර­ද­ඬු­වම් ලැබූ සිර­ක­රු­වන් බන්ධ­නා­ගා­ර­යෙන් බැහැර වන විට, මුදා­ලන සිර­ක­රු­වන්ට දීමට නියම කොට ඇත්තා වූ බන්ධ­නා­ගාර වස්ත්‍ර චක්‍ර­යට ගැළ­පෙන්නා වූ ඇඳුම් ඇඳී­මට සැලැ­ස්විය යුතුය.

ඒ අනුව ඥාන­සාර හිමි­යන්ගේ බන්ධ­නා­ගා­ර­ගත කිරීම වසර හයක කාල­යක් වන බැවින් උන්වහ­න්සේගේ පෞද්ග­ලික ඇඳු­මෙන් (සිවු­රෙන්) අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ නොහැකි අතර, එයට අදාළ වන්නේ ඉහ­තින් සඳ­හන් කළ 550 වග­න්තියේ තුන්වැනි කොට­සයි. එම වග­න්ති­යට අනුව ප්‍රකාශ කරන ‘ ඒ ‘ හා ‘බී ‘ වස්ත්‍ර කාණ්ඩ­ව­ලට භික්ෂුන් වහන්සේ විසින් අඳිනු ලබන චීව­රය ඇතු­ළත් නොවන බව ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කරයි.

ඒ අනුව භික්ෂුන් වහන්සේ සමඟ රජය පැවැත්වූ සාක­ච්ඡා­ව­ලදී ඉදි­රි­පත් වූ යෝජ­නාව අනුව රැස්වූ විශේෂ කමි­ටුව නිත්‍ය නියෝග සංශෝ­ධ­නය කර වසර තුන­කට වැඩි සිර­ද­ඬු­ව­මක් ලැබුණු භික්ෂු­ව­කට ද තම නිකායේ හෝ පාර්ශ්වයේ අනු­මැ­තිය පරිදි බන්ධ­නා­ගා­ර­යෙන් බැහැ­ර­වී­මේදී තම චීව­රය පැලඳ බන්ධ­නා­ගා­ර­යෙන් බැහැ­ර­වී­මට අව­ස්ථාව ලබා දීම සඳහා නිර්දේශ කරනු ලැබ තිබේ. මෙම නිර්දේ­ශ­යට අනුව අඳිනු ලබන වස්ත්‍ර කාණ්ඩ­යට එය ඇතුළු කිරීම මඟින් බන්ධ­නා­ගාර නිත්‍ය නියෝ­ග­යන්ට අදා­ළව මෙතෙක් පැවති අඩු­පා­ඩුව සම්පූර්ණ කිරී­මට කට­යුතු යොදා ඇතැයි ද ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පැහැ­දිලි කරයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *