නාමල් නැවතත් බන්ධනාගාරයට
ක්රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ලබන ඔක්තෝබර් 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (16) නියෝග කර තිබේ.
අදාළ නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාමල් රාජපක්ෂ මහතා අද නඩු විභාගය සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන එනු ලැබීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

