බන්ධනාගාරයෙන් පිටතට සිවුර දැරිය හැකියි
බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කරමින්, බන්ධනගාර කොමසාරිස් ජනරාල්ගේ අත්සනින් චක්ර ලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව බන්ධනාගාරගතව සිර දඬුවම් විඳින භික්ෂූන් වහන්සේ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී සිවුර දැරීමට හැකිවන පරිදි රෙගුලාසි වෙනස් කර ඇත.
එම චක්රලේඛය නිකුත් කර ඇත්තේ අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර දුන් උපදෙස් ප්රකාරවය.
අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් එම උපදෙස් ලබා දී ඇත්තේ, බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද ජනපති විශේෂ කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ පදනම් කර ගනිමිනි.
එම වාර්තාව පසුගිය 14 දා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත භාර දෙන ලදී.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

