Latestදේශීය

කොළඹ සිට සෞදි රියාද් සහ දමාම් ගුවන් ගමන් ඔක්. 24 දක්වා අත්හිටුවයි

සෞදි අරාබියේ රියාද් සහ දමාම් නගර වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටුවීම ඔක්තෝබර් 24 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් රියාද් සහ දමාම් වෙත ක්‍රියාත්මක කරන ගුවන් ගමන් ලබන ඔක්තෝබර් 24 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවනු ඇත.

මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර ඇති අතර, අදාළ ගමනාන්ත වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇති මගීන්ට තම ගුවන් ගමන් පිළිබඳ නවතම තොරතුරු ගුවන් සේවයෙන් තහවුරු කරගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *