සිනමා ශාලාවක ගිනිඅවි රැසක්
ගම්පහ කිරිඳිවැල හංවැල්ල පාරේ පිහිටා තිබෙන සිනමා ශාලාවක සඟවා තිබූ අත්බෝම්බ, ගිණි අවි සහ ජීව උණ්ඩ තොගයක් ඊයේ (17) දින සවස කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිනමා ශාලාවේ හිමිකරු වන කිරිඳවැල මිල්ලතේ ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි කණිෂ්ක රාජකරුණා නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ නිවස සෝදිසි කිරිමේදී අත්බෝම්යක්ද හමු වී ඇත.
මේ අතර අදාළ සිනමා ශාලාව තුළ තිබී විදෙස් රටක නිෂ්පාදිත පිස්තොල 02, රිවෝල්වර් අවියක්, විදෙස් රටක නිෂ්පාදිත රීපිටර් අවියක්, විදෙස් රටක නිෂ්පාදිත බොර 12 අවියක්, බෝර 12 ජීව පතොරොම් 398ක්, බෝර 16 ජීව පතොරොම් 278, පොයින්ට් 32 අවියට යොදන ජීව පතොරොම් 49ක්, පොයින්ට් 22 අවියට යොදන ජීව පතොරොම් 3,083ක් සහ ජීව අත්බෝම්බ 02ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධව කොලඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ පූලික ප්රශ්න කිරීමේදී අවි ආයුධ කලක සිට විවිධ පුද්ගලයන්ගෙන් ලැබුණ ඒවා බවට ප්රකාශ කර ඇතැයිද පැවසේ.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කෝටිපති ව්යාපාරිකයාගෙන් වැඩිදුරටත් ප්රශ්න කිරීම සඳහා රැඳයුම් නියෝග ලබාගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

