Latestදේශීය

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමට අදාල 06 අත්අඩංගුවට

06‘කාවන්තිස්ස’ ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට සහ ඒ ආශ්‍රිත නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට අදාළව තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී ඇතැයි පරිසර අමාත්‍යාංශය අද (19) නිවේදනය කළේය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ පොලිසිය එක්ව සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අඛණ්ඩ සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් අනෙකුත් සැකකරුවන් ප්‍රදේශයේ සිදු වූ වෙනත් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැක කෙරේ.

මේ වන විට වනජීවී නිලධාරීන් සහ ගල්ගමුව පොලිසිය එක්ව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින අතර, ඇතාට වෙඩි තැබීමට භාවිත කළ ගිනිඅවි සොයා ගැනීම සහ වන සතුන් ඉලක්ක කරගත් නීතිවිරෝධී ජාවාරම් ජාලයක් ක්‍රියාත්මක වූයේද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කෙරේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *