Latestදේශීය

ඥානසාර හිමි ජනාධිපති සමාවට සිද්ධ වුනේ මේකයි – මෛත්‍රීපාල සිරිසේන

ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන්ට ජනා­ධි­පති සමාව දීමට අදාළ ලිපි­ලේ­ඛ­න­ව­ලට අත්සන් ලබා ගැනී­මේදී තමා නොමඟ යැවී­මක් සිදු කර ඇති බව හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා පව­සයි.

මේ නිසා ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන්ට යළි බන්ධ­නා­ගා­ර­ග­ත­ වී­මට සිදුව ඇති බවද තමන් ජනා­ධි­පති ධුරය දරන සමයේ ජනා­ධි­පති කාර්යා­ලයේ නීති අංශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ අති­රේක ලේක­ම්ව­රිය අතින් තාක්ෂ­ණික දෝෂ­යක් හා වර­දක් සිදුව ඇති බවද හිටපු ජනා­ධි­ප­ති­ව­රයා නිවේ­ද­න­යක් නිකුත් කර­මින් කියා සිටියි.

එව­කට සිය නිල­ධා­රීන් සිදු කළ වර­දට ගෞර­ව­නීය මහා සංඝ­ර­ත්න­යෙන් සමාව ඉල්ලා සිටින බවත් සිය නිවේ­ද­නයේ සඳ­හන් කර තිබේ. ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන්ට සමාව දීමට නම් උන්ව­හ­න්සේට අදා­ළව පැවැති නඩු දෙකම අධි­ක­රණ හා බන්ධ­නා­ගාර අමා­ත්‍යාං­ශ­යට යවා අනු­මැ­තිය ලබා­ගත යුතු වුවත්, අමා­ත්‍යාං­ශයේ අනු­මැ­තිය නොමැ­තිව සිය අත්සන පම­ණක් ලබා­ගැ­නීම මඟින් තමා නොමඟ යැවී­මක් සිදුව ඇත්දැයි හෙතෙම එම නිවේ­ද­නයේ සඳ­හන් කර තිබේ.

ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි නැවත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මේදී එම නඩු තීන්දුව දුන් ගරු අධි­ක­ර­ණයේ තීන්දු ප්‍රකා­ශයේ සට­හන් වී ඇත්තේ උන්ව­හන්සේ නිද­හස් කිරී­මට ගරු අධි­ක­ර­ණ­යට සිදුවූ කරුණු අතර ජනා­ධි­පති කාර්යා­ල­යෙන් ගරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ ලිපි ලේඛ­න­වල තාක්ෂ­ණික දෝෂ­යක් සිදුවී ඇති බවයි. ගරු අධි­ක­ර­ණයේ තීර­ණය නිවැ­රදි අතර එම තීන්දු­වට ‘මා ගරු කරමි’ යනු­වෙන් ද එම නිවේ­ද­නයේ සඳ­හන් කර තිබේ.

මෙම චූදිත පූජ්‍ය ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන්ට විරු­ද්ධව නඩු දෙකක් තිබී ඇත. එනම් හෝමා­ගම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ B 7417/10 නඩුව අනුව අධි­ක­ර­ණ­යට බාධා කිරී­මත්, ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 105 ව්‍යව­ස්ථාව යටතේ අධි­ක­ර­ණ­යට අප­හාස කිරී­මත්ය. අනෙක් නඩුව හෝමා­ගම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යේම 40042 නඩු­වයි.

‘ඉහත නඩු දෙකම පූජ්‍ය ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන්ට සමාව දීම සඳහා අධි­ක­රණ හා බන්ධ­නා­ගාර අමා­ත්‍යාං­ශ­යට යවා අනු­මැ­තිය ගත යුතු බව ජනා­ධි­පති කාර්යා­ලයේ සේවය කළ නීති අංශය භාර අති­රේක ජ්‍යෙෂ්ඨ ලේක­ම්ව­රිය තමා වෙත දන්වා සිටි­යද අදාළ එම ඉල්ලීම අධි­ක­රණ හා බන්ධ­නා­ගාර අමා­ත්‍යාං­ශ­යට යවා නැත. ඒ අනුව ඉහත කී අමා­ත්‍යාං­ශයේ අනු­මැ­තිය නොමැ­තිව මාගේ අත්සන පම­ණක් ලබා­ගෙන ඇත. එය තමා නොමඟ යැවී­මකි’ යැයි ද හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සිය නිවේ­ද­නයේ සඳ­හන් කර තිබේ.

ඉහත හේතු මත පාක්‍ය­සෝති සර­ව­න­මුත්තු මහ­තාගේ රාජ්‍ය නොවන සංවි­ධා­න­යක් මඟින් සන්ධ්‍යා එක්නැ­ලි­ගොඩ මහ­ත්මිය පැමි­ණි­ල්ලක් කර අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇති නඩු­වක් මඟින් මෙම තීර­ණය ලැබී ඇත. මම ජනා­ධි­පති ධුරය දරන කාලයේ මාගේ නීති අංශය භාර අති­රේක ජ්‍යෙෂ්ඨ ලේක­ම්ව­රිය මඟින් සිදුවී ඇති වරද අනුව පූජ්‍ය ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමිට නැවත වරක් සිර­ගත වීමට සිදුවී ඇත. මෙම සිද්ධිය මාගේ නිල­ධා­රීන් එව­කට සිදු කළත් ගෞර­ව­නීය මහා සංඝ­ර­ත්න‍ෙ­යන් සිදුවී ඇති වර­දට මා සමාව ඉල්ලා සිටිමි’ යැයි ද දක්වා තිබේ.

‘මෙම තොර­තුරු මා විසින් අන්ත­ර්ජා­ල­යෙන් ලබා­ගත් අධි­ක­රණ තීන්දුවේ පිට­ප­තක් අධ්‍ය­ය­නය කිරී­මෙන් පසු ලබා­ගත් බව කාරු­ණි­කව දන්වා සිටිමි. රටේ ගෞර­ව­නීය මහා සංඝ­ර­ත්නය, මාධ්‍ය­වේ­දීන් සහ බොහෝ පිරිස් මාගෙන් මෙම නඩුවේ තාක්ෂ­ණික දෝෂය කුමක්ද යන්න විම­සන බැවින් මෙම නිවේ­ද­නය නිකුත් කිරී­මට සිදුවූ බව කෘත­ඥ­තා­පූ­ර්ව­කව දන්වා සිටිමි’ යැයි ද සිය නිවේ­ද­නයේ වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *